Sunday, December 15, 2013

රසකැවිලි (හැලප- Halapa)

දැන් ආච්චි අම්මලත් කියලදෙන්නෙ නෑනෙ ඒ කලෙ ගෙවල් වල හවසට හදන කෑම ජාති ගැන.
ඔන්න අද මම ඔයාලට රස කෑමක් හදන්න කියලදෙන්නයි යන්නෙ .
හැලප කන්න කව්ද ආස නැත්තෙ.


අද අපි හැලප හදමු. 
දැන් බලමු මොනවද ඕන කරන්නෙ කියලා.
කුරක්කන් පිටි 200g
හාල් පිටි
පොල් (ගා ගත් )150g
පැණි 200ml
වතුර අඬු කෝප්ප 2 1/2
කුඩුකර ගත් කරදමුංගු මේස හැඳි 1/2
ලුණු අවශ්‍ය පමණ
තම්බා  ගැනීමට steamer 1 ක් .
   
ඕන කරන ඒවටික අරගෙන,
   * මුලින්ම හාල් පිටි, කුරක්කන් පිටි , පොල් පැණි සහ කරදමුංගු ලුණු එකට මිශ්‍ර කර 
වතුරටිකටික දම කලවම් කරගන්න.අතේ ඇලෙන්නෙ  නැති ආකාරයට තලපය 

හදාගන්න.
  * දන්ඉතින් කුඩ බෝල හදාගෙන කැන්ද කොලයේ මැදට තබා පැතලි කර කැන්ද 

කොලය හරි මැදින් දෙකට නවා steamerඑකේ විනාඩි 10 ක් පමණ තම්බා ගන්න .

මුලින් කියන්න බැරි උනානෙ මේකට කැන්ද කොලත් ඕනෙ . කැන්ද  කොල නැත්තං  
කෙසෙල් කොල වත් හොයාගෙන හදල බලන්න.
ඒකත් හැලප කනව වගේම ලේසී නේද?

හැලපයක් කන ගමන් පහල add එකට click 1ක් දාගෙනම යන්නකෝ මට උදව්වක් 
විදිහට .

No comments:

Post a Comment

Get Paid from here.....

Click and Earn............


iPlus Blog